යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ කොළඹ හා පලාලි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන් ගමන් නොමැතීවීම ශ්‍රී ලංකාවට අවාසියක් වූ බව ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා පවසයි.
ඊයේ (19දා) කොළඹ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව ඩයස්පෝරාව ලංකාවට නොපැමිණෙන බවත් ඔවුන් බස් රථවලින් උතුරට ගමන් කිරිමට අකමැත්තක් දක්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔවුන් උතුර ගැන සිහින මවමින් සිටින බවත් එය ශ්‍රී ලංකාවට ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
